Saturday, September 21, 2024

General line - 0115112241

නිදන් හෑරු 8 ක් උඩුදුම්බරදී අත්අඩංගුවට




උඩුදුම්බර, ගලහිටියාව, තැඹිලිහින්න ප‍්‍රදේශයේ නිදන් සොයා කැණීම් කළ පුද්ගලයන් 8 දෙනෙකු අද (16) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කැණීම් සදහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තෙල්දෙණිය, හුන්නස්ගිරිය, මැණික්හින්න සහ දිගන යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

ඔවුන් තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.