Saturday, September 21, 2024

General line - 0115112241

කැළණිය, පෑලියගොඩ සහ වත්තලට පැය 12ක ජල කප්පාදුවක්




කැළණිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප‍්‍රදේශය, වත්තල නගර සභා බල ප‍්‍රදේශය සහ හැදල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට පැය 12ක් ජලය කපා හරින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. 

මෙම ජල කප්පාදුව සිදු කෙරෙන්නේ අනිද්දා පෙරවරු නවයේ සිට රාත‍්‍රී 9 දක්වායි. 

ඒ, වත්තල හා කැලණිය ප‍්‍රදේශවලට ජලය සපයන නල මාර්ග දෙකක ජල කාන්දු අලූත්වැඩියා කිරීම හේතුවෙන්.