Saturday, September 21, 2024

General line - 0115112241

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ




බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමට අදාල නඩුව මැයි මස 24 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියමකර තිබෙනවා. 

ඥාණසාර හිමියන් විසින් එම චෝදනා පත‍්‍රය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය මීට පෙර තීරණය කළා. 

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ඥාණසාර හිමියන් හැසුරුණු ආකාරය හේතුවෙන් අධිකරණයට අපහාස සිදු වූ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.