Saturday, September 21, 2024

General line - 0115112241

‘‘ලංකා කුමරු’’ කාර්ටූන් චිත‍්‍රපටය අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් චීනයේදී එලි දකියි (PHOTOS)




‘‘ලංකා කුමරු’’ නම් කාර්ටූන් චිත‍්‍රපටය හදුන්වා දීමේ උළෙල අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. 

ඒ චීනයේ බෙයිජිං නුවර කෙරි හෝටලයේ පුදොන් ශාලාවේදීයි. 

චීන - ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික සබතාවන්ට වසර 60ක් සපිරීම නිමිත්තෙන් බෙයිජිං රූපවාහිනී ආයතනයට අනුබද්ධ බෙයිජිං කකු මීඩියා සමාගම විසින් එය නිර්මාණය කර තිබෙනවා. 

දැනට තිරනාටකය සහ අනෙකුත් පර්යේෂණ කාර්යයන් නිමවා ඇති අතර තවත් මාස හයක කාලයක් තුළ දී නිෂ්පාදන නිම කිරීම කකු මීඩියා සමාගමේ අපේක්ෂාව බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. 

ඈත අතීතයේ ශ‍්‍රී ලංකාවේ සිට චීන දේශයට ගිය මෙරට රජ කුමරෙකු පිළිබඳ සත්‍ය කථාව පදනම් කරගනිමින් කොටස් 30කින් යුක්තවයි මෙම කාර්ටූන් චිත‍්‍රපටය නිර්මාණය කෙරෙන්නේ.