Saturday, September 21, 2024

General line - 0115112241

අධිවේගයේ නීති කැඩූ 20,000ක් අත්අඩංගුවට - කෝටියක දඩ




මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දිනය දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ නීති කැඩූ රථ වාහන රියදුරන් දහනව දහස් අටසිය තිස් හතක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අතරින් බහුතරයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන්. 

එම සංඛ්‍යාව හත්දහස් එකසිය විසි හතක්. විදුලි පහන් සම්බන්ධ වැරදිවලට අදාලව හාරදහස් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් දෙදහස් එකසිය අසූ නවයක් අත්අඩංගුවට ගෙන ඇති අතර අදුරු වීදුරු සහිතව ධාවනය කළ එක්දහස් තුන්සිය හැත්තෑ අට දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. 

ඉකුත් ජනවාරි පළමු වැනිදා සිට අපේ‍්‍රල් 30 වැනි දා දක්වා දඩ පත‍්‍රිකා නිකුත් කිරීමේ හා රථ වාහන වැරදි සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් දඩ මුදල් ලෙස රුපියල් අනූ නව ලක්ෂ දහනව දහස් නවසිය තිහක මුදලක් අය කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.