Saturday, September 21, 2024

General line - 0115112241

නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්න - කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය




නාවික හමුදාවේ කපිතාන්වරයෙකු ඇතුළු නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නාවික හමුදාපතිවරයාට අද (16) නියෝග කළා. 

ඒ 2008 වසරේ කොළඹදී දෙමළ ජාතිකයින් දෙදෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමටයි. 

එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වැලිසර නාවික හමුදා කවුරේ ලූතිනන් කමාන්ඩර්වරයා මෙම මස 30 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් චොක්සි අද නියෝග කළාව්ව්ව්