Saturday, September 21, 2024

General line - 0115112241

මාස 24 කින් ගෙවන්න ආණ්ඩුවෙන් එල් ඊ ඞී බල්බ




සූත‍්‍රිකා බල්බ භාවිත කරනු ලබන පාරිභෝගිකයින් සඳහා මාස 24 කින් ගෙවී යන පරිදි සහන මිලකට එල් ඊ ඞී බල්බ ලබා දීමට විදුලි  බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ එමගින් විදුලිය ඉතිරිකර ගත හැකි බවයි.

එමෙන්ම කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන පුද්ගලයින් සඳහා ද සහනයක් ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ.