සිය සුළු පියා විසින් දූෂණය වීම හේතුවෙන් ගැබ් ගත් දස හැවිරිදි ඉන්දීය දැරියකට ගබ්සාවක් සඳහා එරට බලධාරීන් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ ඇගේ පවුලේ ඥාතීන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
මෙම දැරිය උතුරු ඉන්දියාවේ රෝතක් නගරයේ ජීවත් වුණා.
ඇය දිගින් දිගටම සිය සුළු පියාගෙන් දූෂණයවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනූව වෛද්‍යවරුන්ගේ තීරණයට අවශ්‍ය අනුමැතිය රෝතක් නගරයේ අධිකරණයක් විසින් අද ලබා දී තිබුණා.