Monday, April 29, 2024

General line - 0115112241

අද සහ හෙට කොළඹ උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක්




ශිෂ්‍ය සංගම් කිහිපයක් අද සහ හෙට කොළඹ ස්ථාන කිහිපයක පැවැත්වීමට නියමිත පාගමන් වළක්වන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. 

ඒ, පොලිසිය කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්. 

මහජන සාමය කඩවන අන්දමට සහ මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදී උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීමේ සූදානමක් ඇති බවටයි කුරුඳුවත්ත පොලසිය කරුණු දක්වා ඇත්තේ.  

සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය එක්ව අද උදෑසන පාගමනක් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. 

උදැසන 11.00ට පමණ කොළඹ කොටුවෙන් පාගමන ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යදාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මීට පෙර ප‍්‍රකාශ කළා.