Monday, April 29, 2024

General line - 0115112241

ජී එස් පී සහනය මෙරට භාණ්ඩ හයදහස් හයසියකට




ජී එස් පී ප්ලස් බදු සහනය හේතුවෙන් මෙරට භාණ්ඩ හයදහස් හයසියකට වාසි සැලසෙන බව ආණ්ඩුව පවසනවා. 

එමගින් මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් අත්වන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ. 

ජී එස් පී ප්ලස් බදු සහනය ලැබීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවට අත්වන වාසි පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා. 

ජී එස් පී ප්ලස් බදු සහනය ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් අයුරින් බලපානු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ලබන 19 වැනිදා සිට යළිත් වරක් ජී එස් පී ප්ලස් තීරු බදු සහනය ශ‍්‍රී ලංකාවට හිමි වනවා. 

දැනට පවතින ආකාරයට ශ‍්‍රී ලංකාවට 2021 වර්ෂය දක්වා මෙම බදු සහනය හිමි වනු ඇති බවයි යුරෝපා සංගමය ප‍්‍රකාශ කළේ. 
2016 වසරේදී යුරෝපය සඳහා සිදු කෙරුණු ශ‍්‍රී ලංකාවේ අපනයනවල වටිනාකම යුරෝ කෝටි 260යි. 

ශ‍්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් තුනෙන් එකක්ම යුරෝපයට සැපයෙන බවයි යුරෝපා සංගමය සඳහන් කළේ. 

ජී එස් පී ප්ලස් තීරු බදු සහනය මගින් ශ‍්‍රී ලංකාවට හිමිවන ආදායම අවම වශයෙන් තවත් යුරෝ කෝටි 30 කින් පමණ ඉහළ යනු ඇති බව විශ්වාසය පල කරනවා. 

මෙම අවස්ථාව නිසි ලෙස භාවිත කිරීමෙන් ශ‍්‍රී ලංකාවට තවත් වාසි රැසක් අත් කර ගත හැකි බවයි යුරෝපා සංගමය කියා සිටියේ.