Monday, April 29, 2024

General line - 0115112241

ස්වාධීන වූ උතුරුමැද මන්ත‍්‍රීවරු හා මහින්ද අතර හමුවක්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ උතුරු මැද පළාත් සභාවේ ස්වාධීන වූ මන්ත‍්‍රීවරුන් කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පැවැත්වෙනවා. ඒ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදීයි.

ඒ සඳහා උතුරුමැද පළාත් සභාවේ ස්වාධීන වූ මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු එක්වනු ඇති. 

මේ වනවිට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන පළාත් සභා මන්ත‍්‍රී වීරසේන ගමගේ මෙම සාකච්ඡාවට සහභාගි නොවන බවයි වාර්තා වන්නේ. 

මෙම හමුවේදී ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමටයි තීරණය කර ඇත්තේ. 

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පළාත් සභාවට ඉදිරපත් කරන මුදල් පනත සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගනු ඇති බවයි. 

මේ අතර, උතුරුමැද පළාත් ප‍්‍රවාහන, ක‍්‍රිඩා, යෞවන කටයුතු කර්මාන්ත හා වානිජ යන අමාත්‍ය ධුරයට පත් කළ සුසිල් ගුණරත්න අද උදෑසන සිය ධුරයේ වැඩ භාර ගැනිමට නියමිතයි.