Monday, April 29, 2024

General line - 0115112241

හෙට විනාඩි 03ක් නිහඬවන්නැයි විග්නේෂවරන්ගෙන් ලෝ වාසී දෙමල වැසියන්ට ආරාධනා




මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී හෙට පැවැත්වෙන ‘‘ජන සංහාර‘‘ සතියේ අවසන් වැඩසටහනට සමගාමීව සැමරුම් සිදු කරන්නැයි ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ඉල්ලීමක් කරනවා. 

ඔහු කියා සිටියේ හෙට උදෑසන නවයයි තිහට ආරම්භ කරන මෙම වැඩසටහනට සමගාමිව ලොව පුරා දෙමළ ජනතාව ද විනාඩි 03ක කාලයක් නිහඬතාවය රකිමින් සැමරුමට සහාය පල කළ යුතු බවයි. 

සැමරුමට සහාය පළ කිරීමෙන් යුද අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණ වහා ක‍්‍රියාත්මක කළ යුතු බවට ලෝක වාසී දෙමළ ජනතාව ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවද ඔහු සඳහන් කළා. 

හෙට දිනය ශෝක දිනයක් ලෙස සළකා කටයුතු කරන ලෙසටයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ලෝක වාසී දෙමළ ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ. 

‘‘ජන සංහාර සතිය‘‘ පිළිබඳ අදහස් දැක්වූ ජාතික හෙළ අරුමය ප‍්‍රකාශ කළේ මෙවැනි සැමරුම් ඉතා භයානක තත්ත්වයක් බවයි. 

මේ අතර, ජාතික රණවිරු සැමරුම් උත්සවය අනිද්දා පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ, ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන්.