Monday, April 29, 2024

General line - 0115112241

අමාත්‍යංශවල ලේකම්ධුර සංශෝධනවලට අදාල විශේෂ රැස්වීමක්




අමාත්‍යංශවල ලේකම්ධුර සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංශෝධනවලට අදාල විශේෂ රැස්වීමක් අද (17) පැවැත්වෙනවා. 

ඒ ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන්. මේ සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ද සහභාගි වීමට නියමිතයි. 

ලේකම් ධුර අලූතින් පත් කිරීමක් හෝ කිසියම් සංශෝධනයක් හෝ සිදු කරන්නේ නම් ඊට අදාල තීන්දු තීරණ ගැනීමයි ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ.
 
දැනට අමාත්‍යංශවල ලේකම් ධුර දරන ලේකම්වරුන් කිහිප දෙනෙකු මේ වසරේ දී විශ‍්‍රාම යාමට ද නියමිතව තිබෙනවා. 

එමෙන්ම අමාත්‍යංශ පහක ලේකම් ධුර මේ වනවිට ඇත්තේ පුරප්පාඩුවයි. 

ඒ අනූව මෙම සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන් ඊට අදාළ තීන්දු තීරණ ගනු ඇති බවයි වාර්තා වන්නේ.