Monday, April 29, 2024

General line - 0115112241

උතුරු මැද තවත් ඇමති මාරුවක්




උතුරු මැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු සිදුකළ එච්.බී. සේමසිංහ එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. 

ඒ වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ පත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. 

අද පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේදී ඔහු එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. 

නව අමාත්‍යවරයා ද පසුගිය දා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ දිවුරුම් පෙත්සමට අත්සන් කර තිබුණා.