Monday, April 29, 2024

General line - 0115112241

ඔස්ටේ‍්‍රලියානු දේශසීමා ආරක්ෂණ නෞකාවක් දින 02ක් ශ‍්‍රී ලංකාවේ (PHOTOS)




ඔස්ටේ‍්‍රලියානු දේශ සීමා ආරක්ෂණ සේවාවේ නෞකාවක්වන ’’ ඕෂන් ෂීල්ඞ්‘ නෞකාව දින 02ක නිළ සංචාරයක් සඳහා ත‍්‍රිකුණාමල වරායට පැමිණ තිබෙනවා. 

එය ඔස්ටේ‍්‍රලියානු දේශ සීමා බලකායේ විශාලතම මුර සංචාරක නෞකාවයි. 

එවැනි නෞකාවක් ශ‍්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වනවා. 

දෙරට අතර පවතින දිගු කාලීන සමිප සහයෝගිතාව හා කලාපය පුරා මිනිස් ජාවාරම මැඩ පැවැත්විම සනිටුහන් කරමින් මෙම සංචාරය සිදු කරන බවයි ඔස්ටේ‍්‍රලියාව පැවසුවේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔස්ටේ‍්‍රලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය සඳහන් කළේ නීති විරෝධී සංක‍්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අවසන් වරට තම රටට පැමිණ ඇත්තේ මීට දින දහසකට පෙර බවයි.