Saturday, September 21, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සැහැසි වෙඩි ප්‍රහාරයට ලක්වූ දරුවන් දෙදෙනා (PHOTOS)




පිළියන්දල ප්‍රදේශයේදී පසුගියදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද කුඩා දරුවන් දෙදෙනාගේ සුවදුක් විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර අද (17) එම රෝහලට පැමිණියා.

ඔවුන් ප්‍රතිකාර ලබන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලේයි.
 
පසුගිය 09 වැනිදා පිළියන්දල නගරයේ මෙම වෙඩි තැබීම සිදුවෙන අවස්ථාවේ මෙම දරුවන් දෙදෙනා ඒ අසළින් ගමන් කර තිබෙනවා. එහිදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වී බරපතල තුවාල ලැබුවා.

මෙහිදී කුඩා දරුවන් දෙදෙනාට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සම්බන්ධව ඔවුන්ගේ ඥාතින් මුණ ගැසී කරුණු විමසීමටද පොලිස්පතිවරයා කටයුතු කළා.

ඒ අනුව අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා පොලිසිය මගින් සැපයීමටයි තීරණය කෙරුණේ.