Saturday, September 21, 2024

General line - 0115112241

උතුරු මැද අදත් ඉවත් කිරීම් හා පත් කිරීම්




උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස සම්පත් ශ‍්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි අද (17) පස්වරුවේ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඔහු දිවුරුම් දුන්නේ කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන, අළෙවි, සත්ත්ව නිෂ්පාදන, සත්ත්ව සෞඛ්‍ය හා ධීවර කටයුතු අමාත්‍යවරයා ලෙසයි.  

මීට පෙර එම ධුරය දැරූ ආර්.එම්.පී.බී. රත්නායක අද එම ධුරයෙන් ඉවත් කෙරුණා.

නව අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් සම්පත් ශ‍්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි උතුරුමැද පළාත් සභාවේ සභා නායකවරයා ලෙස කටයුතු කළා.

මේ අතර අද පෙරවරුවේ එම පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග‍්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එච්.බී. සේමසිංහ ද එම ධුරයෙන් ඉවත් කෙරුණා.

එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත‍්‍රී සරත් ඉලංගසිංහයි.