Monday, April 29, 2024

General line - 0115112241

මහ වැසිත් සමග කොළඹ ස්ථාන රැසක ගසුත් පෙරළෙයි - විකල්ප මාර්ග භාවිත කරන්න..පොලීසිය ඉල්ලයි (PHOTOS)




ඇතිවී තිබෙන අධික වර්ෂාව සහ සුළං තත්වය හේතුවෙන් කොළඹ කොටුව ටෙලිකොම් මධ්‍යස්ථානය අසළ, මරදාන ඩාලි පාරේ ගිනි නීවිමේ මධ්‍යස්ථානය අසළ, පිටකොටුව ට්‍රැක්ටර් සංස්ථා හන්දිය අසළ, ටී බී ජයා මාවතෙහි එක්සෙල් වර්ල්ඩ් අසළ සහ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව පිටුපස බුලස් පටුමග යන ස්ථාන වල මාර්ගයට ගස් පෙරළීම හේතුවෙන් රථාවාහන අවහිරිතාවක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

එම නිසා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය කියා සිටියේ.

මේ අතර නුගේගොඩ සහ පැගිරිවත්ත අතර දී ගසක් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබෙනවා.