Monday, April 29, 2024

General line - 0115112241

ලංගම බස් රියක් නුවරඑළියේදී ප්‍රපාතයකට පෙරළි යයි - 23ක් රෝහලේ (PHOTOS)




නුවරඑළියේ සිට හග්ගල හරහා පටිටිපොළ දක්වා ධාවනය වු ලංගම බස් රථයක්, එම මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් බස් රථයේ ගමන් ගත් විසිතුන් දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා. 

අද (18) පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. 

තුවාලකරුවන් අතර පාසල් ළමුන් කිහිපදෙනෙකුද සිටින බව වාර්තාවෙයි.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ අයහපත් කාළගුණ තත්ත්වයක් හා ඝණ මිදුමි තත්ත්වයක් තිබු බවයි පොලිසිය පවසන්නේ. 

අනතුරෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවයි නුවරඑළිය මුලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

බස් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය ලිස්සා ගොස් මෙම අනතුරට සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පහළ කරනවා. 

බස් රථය නුවරඑළිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් බවයි පොලිසිය පවසන්නේ.