Monday, April 29, 2024

General line - 0115112241

කෝටි තුන හමාරක රන් බඩුත් සමග ගුවන් සේවකයෙකු කටුනායකදී කොටු වෙයි




රුපියල් කෝටි තුන හමාරක් වටිනා රන් ආභරණ තොගයක් සමග ගුවන් තොටුපල සේවකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. 

ගුවන් තොටුපල රේගුව ප්‍රකාශ කළේ සැකකරු මැලේසියාවේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි.

 පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් මල්ලේ තිබී කිලෝග්‍රෑම් හය හමාරක රන් ආභරණ තොගයක් සොයා ගැණුනා. 

කටුනායක ගුවන් තොටුපල රේගුව සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.