Monday, April 29, 2024

General line - 0115112241

බය කරලා වැඩක් නෑ! වල පයයි ගොඩ පයයි තියාගෙන මම ජීවත් වෙන්නේ




බෝම්බ ප්‍රහාර එල්ල කර බියවැද්දවීමෙන් සිය තීරණ වෙනස් කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා. 

මරදානේ පිහිටි වෛද්‍ය සභා ගොඩනැගිල්ලට ඉකුත්දා එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මේ බව කියා සිටියා. 

තමන්ට මරණ බය ඇතිකර යම් යම් අයගේ අපේක්ෂා ඉෂ්ඨ කරගැනිමට ක්‍රියාවලියක් සිදුවන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

‘‘මගේ වයස 84 යි වල පයයි ගොඩ පයයි තියාගෙන මම ජීවත් වෙන්නේ.කිසියම් පුද්ගලයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට අපිව බය කරලා ඔවුන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට නොහැකියි ‘‘ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.