Saturday, September 21, 2024

General line - 0115112241

වර්ජනයකට සැරසෙන දුම්රිය එන්ජින් රියදුරන්




කැලනිවැලි ද්විත්ත දුම්රිය මාර්ගය සංවර්ධනය සඳහා සිදු කෙරෙන සමාජ ආර්ථික සමීක්ෂණය අද (19) ආරම්භ කෙරුණා. 

එහි කටයුතු සිදු කරන්නේ ස්වාධීන ආයතනයක් වන ‘‘ අන් හැබිටට්’’ ආයතනය විසින්. 

මෙම සමීක්ෂණය මාස 06ක කාලයක් සිදු කෙරෙන බවයි ප‍්‍රවාහන අමාත්‍යංශය පැවසුවේ. 

දැනට පහලොස් දහසක මගී ජනතාවක් කැලනිවැලි දුම්රිය මාර්ගය භාවිත කරනවා. 

ඔවුන්ගේ ගමන් පහසුව උදෙසා දැනට ධාවනයට එක් කර ඇති දුම්රිය පහ, දුම්රිය 18 දක්වා වැඩි කිරීමටයි යෝජනාවී ඇත්තේ. 

ඒ අනූව කැලනිවැලි දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට පාදුක්ක දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි. 

කැලනිවැලි දුම්රිය මාර්ගය දෙපස මේ වනවිට පවුල් තුන්දහසක් පමණ පදිංචිව සිටිනවා. 

අනවසරයෙන් සිටින පදිංචිකරුවන්ට අසාධාරණයක් නොවන පරිදි වන්දි මුදල් ලබා දෙමින් සුදුසු ස්ථානවල යළි පදිංචි කිරීමට සැලසුම්කර ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ.