Saturday, September 21, 2024

General line - 0115112241

සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඇප




සයිටම් විරෝධී පා ගමනේදී අත්අඩංගුවට ගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු සරසවි සිසුන් අට දෙනා අද (19) ඇප මත මුදා හැරුණා. 

ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාරගේ නියෝගයකට අනූවයි. 

ඒ අනූව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් අට දෙනා මුදා හැරුණා. 

අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැණුනේ කොළඹ පුරහල ප‍්‍රදේශයේ ඉකුත් බදාදා පැවති විරෝධතාවෙන් අනතුරුවයි.