Saturday, September 21, 2024

General line - 0115112241

පොලිස් පරීක්ෂක රංගජීව ජාතික රෝහලෙන් පොලිස් රෝහලට




පිළියන්දල දී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව පොලිස් රෝහලට මාරුකර යවා තිබෙනවා. 

මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට පත්වෙමින් ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. 

මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා යමින් සිටියදී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇතුළු පිරිස වෙඩි ප‍්‍රහාරයකට ලක්වුණේ ඉකුත් 09වනදා රාත‍්‍රියේයි.