Saturday, September 21, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ රණවිරු සැමරුමට බාධාවක් - ඩලස් හෙළි කරයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන රණවිරු සැමරුමක් අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේ දී පැවැත්වෙනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ ඒ සදහා අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

කෙසේ වෙතත් එම සැමරුම සදහා නිදහස් චතුරස‍්‍ර භූමිය ලබාදිය නොහැකි බවට සංස්කෘතික අමාත්‍යංශය දැනුම් දී ඇතැයි ද ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

කෙසේ වෙතත් රු 7000ක් ගෙවා පෙර සිටම වෙන් කරගෙන තිබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රණවිරු සැමරුමකට බාධා කිරීමට තරම් මෙම ආණ්ඩුව අසංස්කෘතික ආණ්ඩුවක් දැයි ප්‍රශ්ණය මේ මොහොතේ මතුවන බවද අමාත්‍යවරයා සඳහන් කළා.