Saturday, September 21, 2024

General line - 0115112241

ඉල්ලීම් ඉටු නොවුනහොත් මුස්ලිම් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ තීරණයක.




සංහිදියාවට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම මන්දගාමී වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් පවසනවා. 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ඊයේ පැවැත් වූ හමුවේදී සාකච්ඡා කළ බවයි මන්ත‍්‍රීවරයා සදහන් කළේ. 

මුස්ලිම් දේවස්ථාන සහ වෙළද ව්‍යාපාර ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කිරීම වැනි සිද්ධීන් 14ක් ඉකුත් දිනවල වාර්තා වූ බව මුජුබර් රහුමාන් මන්ත‍්‍රීවරයා සදහන් කළා. 

ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමේ තීරණයක් ගැනීමට එම සාකච්ඡාවේදී එකගතාව පල වූ බවද නෙත් නිවුස් කළ ප‍්‍රශ්න කිරීමක දී මන්ත‍්‍රීවරයා කියා සිටියා.