Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්ෆ්ලූවෙන්සා රෝගයෙන් කඹුරුපිටියේ දරුවෙක් මරුට




ඉන්ෆ්ලූවෙන්සා එච් වන් එන් වන් හේතුවෙන් අකුරැස්ස බෝපගොඩ ප‍්‍රදේශයේ මාස එක හමාරක දරුවෙකු මියගොස් තිබෙනවා. 

කඹුරුපිටිය රෝහලේ දී ඊයේ රාත‍්‍රියේ දරුවා මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. දරුවා දින 7ක පමණ කාලයක් උණ තත්වයෙන් පෙළී තිබෙනවා. 

වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ දරුවා කල්වේලා ඇතිව ප‍්‍රතිකාර සදහා යොමු කළේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බවයි. 
ඉන්ෆ්ලූවෙන්සා එච් වන් එන් වන් වෛරසය ආසාදිත රෝගීන් විශාල පිරිසක් කඹුරුපිටිය, අකුරැුස්ස, දෙයියන්දර සහ මාකදුර යන ප‍්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.