Saturday, September 21, 2024

General line - 0115112241

 28 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සයුර නෞකාවේදී (PHOTOS)




ශ‍්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වන 28 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඊයේ (19) පැවැත්වුණා. 

කන්කසන්තුරේට උතුරින් වූ ඉන්දු - ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී එය පැවැත්වුණේ ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුර නෞකාව තුළදීයි. 

උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ඊට එක්වුණා. 

ඉන්දීය නියෝජිත පිරිස තමිල්නාඩු කලාපය භාර ධජ නිලධාරී රියර් අද්මිරාල් ආලෝක් භාත්නගර්ගේ ප‍්‍රධානත්වයෙන් ඊට එක්වූ බව නාවික හමුදාව සඳහන් කළා. 

මෙම සමුළුව දෙරටේ නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් අතර අවබෝධය වර්ධනය කර ගැනීම මඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙනවා.