Saturday, September 21, 2024

General line - 0115112241

ශ‍්‍රී පාද රක්ෂිතයේ ගෝනෙකු දඩයම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට (PHOTOS)




ශ‍්‍රී පාද රක්ෂිතයේ ගෝනෙතු දඩයම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලතන්නිය ප‍්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙක්. 

සැකකරුවන් ඊයේ රාත‍්‍රියේ මන්දක් අටවා ගෝනෙකු අල්ලා මස් කරමින් සිට තිබෙනවා. 

ලද  තොරතුරකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ. 

දැනට කරන ලද පරීක්ෂණ අනුව සැකකරුවන් ගෝනුන් මරා අළෙවි කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා. 

සැකකකරුවන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.