Saturday, September 21, 2024

General line - 0115112241

තද සුළං පිලිබඳ අවධානයෙන් සිටින්නැයි කාළගුණයෙන් දැනුම් දීමක්




දිවයිනට ගිනිකොණ දෙසින් පවතින ක‍්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවේ ප‍්‍රදේශ රැසකට තද සුළං සමග වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසනවා. 

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝ මීටර 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

තද සුළං සමග වැසි ඇති වන අවස්ථාවලදී සැළකිලිමත්වන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.