Saturday, September 21, 2024

General line - 0115112241

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක් - රඳවා සිටීනම් ඒ ගැන සොයන්නත් සූදානම් - ජනපති කියයි




අතුරුදන් වූවන් යම් ස්ථානයක රඳවා සිටින බව පවසන්නේනම් එම ස්ථාන පරීක්ෂා කිරීමට රජය වැඩපිළවෙලක් සකස් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

මීට පෙර පත් කළ කොමිසන් සභා වාර්තා සහ නිර්දේශ සැළකිල්ලට ගනිමින් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් ළඟදීම පත්කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

සාම්පූර් ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

අතුරුදන් වූවන් පිළිබඳ කටයුතු කිරීමේ කාර්යාලයක් පිහිටුවිමට පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පනතට සංශෝධන අවශ්‍ය බවට ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.