Saturday, September 21, 2024

General line - 0115112241

නීති විරෝධීව ගවයන් ප‍්‍රවාහනය කළ පස් දෙනෙකු පොලිස් දැලේ




නීති විරෝධී ලෙස ගවයන් ප‍්‍රවාහනය කළ පුද්ගලයන් පස් දෙනෙකු අරලගංවිල දම්මින්න ප‍්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින්. 

ගවයන් ලොරි රථයකින් හිංසාකාරී ලෙස ප‍්‍රවාහනය කරමින් තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

වැටලීම සිදු කරන අවස්ථාවේ ලොරි රථයේ ගවයන් 14 දෙනෙකු සිට තිබෙනවා.