Saturday, September 21, 2024

General line - 0115112241

ජනපති අගමැති හමුවක්! ඇමති මාරුව ලබන සතියට කල්යයි




අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (22) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්. මෙම සාකච්ඡාවට ජාතික ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන සතිය දක්වා කල්යනු ඇති බවටයි වාර්තා පළ වුණේ. කෙසේ වෙතත් හෙට හෝ ආසන්න දිනකදී මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවනු ඇති බවටද වාර්තා පළ වනවා. මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ඉකුත්දා ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර ජනාධිපතිවරයාගේ නිල නිවසේ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.