Saturday, September 21, 2024

General line - 0115112241

ඇමති සංශෝධනයෙන් පලක් නෑ




අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කෙරුණ ද ඉන් කිසිදු වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත සඳහන් කළේ වෙනසක් සිදු කිරීමට නම් ආණ්ඩුව තුළ සිටින දූෂිත ඇමතිවරුන්ට දඬුවම් ලබා දිය යුතු බවයි. 

මේ අතර බද්දේගම ප‍්‍රදේශයේ ඉකුත්දා පැවති ජනහමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරියගොඩ ද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. ඔහු එහි දී සඳහන් කළේ කුමන සංශෝධනයක් සිදු කළ ද එය ජනතාවාදීව සිදුවිය යුතු බවයි.