Friday, September 20, 2024

General line - 0115112241

හෙලිකොප්ටර් යානයකින් සෙබලෙකු ඇද වැටෙයි - සෙබලා රෝහලට




නෙළුව දූරිඇල වතුයායක ආපදාවට ලක්ව සිටි පිරිසක් මුදා ගැනීමට ගිය ගුවන් හමුදා සෙබලෙකු හෙලිකොප්ටර් යානයකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා. 

ආපදාවට ලක්ව සිටි පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානය වෙත කේබලයක් ආධාරයෙන් රැගෙන යන අවස්ථාවේදී එම පුද්ගලයා ද සමග ගුවන් හමුදා සෙබළා ඇද වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අඩි 25ක පමණ ඉහළ සිට ඔවුන් දෙදෙනා ඇද වැටී තිබෙනවා. 

සිද්ධියෙන් තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලා සහ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.