Friday, September 20, 2024

General line - 0115112241

කළු, කැළණි, නිල්වලා සහ ගිං ගඟ ඇතුළු තෙත් කළාපයේ සියලූ ගංඟා ගං වතුර මට්ටමේ




කළු, කැළණි, නිල්වලා සහ ගිං ගඟ ඇතුළු තෙත් කලාපයේ සියලූම ගංගා මේ වනවිට ගංවතුර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

වාරිමාර්ග අධ්‍යක්ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි පැවසුවේ එම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි. 

ගත වූ පැය 24 තුළ දකුණ සහ සබරගමුව පළාත්වලින් තද වැසි වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. 

එම කාලසීමාව තුළ මිලිමීටර් 196 යි දශම 7ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුනේ රත්නපුර ප‍්‍රදේශයෙන්. 

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ පැවසුවේ. 

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළුතර දිස්ත‍්‍රික්කයේ කඳු පහක් නාය ගොස් තිබෙනවා. 

ඒ හේතුවෙන් පුද්ගල මරණ 08ක් වාර්තා වන බවයි නෙත් නිවුස් වාර්තාකරු සැම්සන් පේ‍්‍රමසිරි සඳහන් කළේ.

මේ අතර ආපදාවලට ලක්ව සිටින පිරිස් මුදා ගැනීම සඳහා ත‍්‍රිවිද හමුදාව සහ පොලිසිය මෙහෙයුම්වලට යොදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.  

ආපදාවලට ලක්ව ඇති ප‍්‍රදේශවල රිය ධාවනයේදී මෙන්ම් එම ප‍්‍රදේශ නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කළා.