Sunday, April 28, 2024

General line - 0115112241

ජල පොම්පාගාරත් ගංවතුරෙන් යටවෙයි




ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද මේ වනවිට බාධා පැමිණ තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹට ද ජල සැපයුම සිදු කෙරෙන්නේ අඩු පීඩනයක් යටතේ බවයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ ගබුගම ජල නල කිහිපයක් ගංවතුර හේතුවෙන් කැඩී ගොස් ඇති බවත් දැනට විකල්ප ජල නල මාර්ග හරහා ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

දකුණු පළාතේ ද ජල සැපයුම මේ වනවිට සිදු කෙරෙන්නේ අවහිරතා සහිතවයි. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් ඒ පිළිබඳව ද කරුණු දැක්වූවා. 

එහිදී ඔහු පෙන්වා දුන්නේ මාතර ජල පොම්පාගාර 04 න් 03 ක් මේ වන විට ගංවතුරට යට වී ඇති බවයි. එම පොම්පාගාර 03 ම මේ වන විට මුලුමනින්ම අක්‍රිය වී ඇති බවද සඳහන් කළා. දැනට ජලය ලබාදීමේ කටයුතු එක් පොම්පාගාරයක් හරහා සිදු කෙරෙන බවද පෙන්වා දුන්නා.