Friday, September 20, 2024

General line - 0115112241

ලයිටි කණුවත් කඩාගෙන ගොස් සිදුවූ මාරක රිය අනතුර (PHOTOS)




මාර්ගයේ ගොමරන්කල්ල ප්‍රදේශයේ (30) වන දින අළුයම 2.30 පමණ මොටර් රථයක් පෙරලි ගොස් ඇති අතර මොටර් රථයට දැඩි හානි සිදුව ඇත.

පොලිසිය සදහන් කළේ  කැකිරාව දෙස සිට ගලෙන්බිදුණුවැව දක්වා මොටර් රථය ධාවනය කර ඇති බවත් රියදුරැට නින්දයාම මත මෙම අනතුර සිදුව ඇති බවත් එහි සිටි ගලෙන්බිදුණුවැව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු හා ඔහුගේ හිතවතකු එහි සිට ඇති බවත් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැති බවයි.

කෙසේවෙතත් පාරෙන් ඉවතට පැන ඇති රථය විදුළි කණුවක ආධාරක කම්බිය ද කඩාගෙන ගොස් පාර අයිනේ උඩු බැලි අතට පෙරලි ගොස් ඇති අතර වාහනයට දැඩි හානි සිදුව ඇති බව වාර්ථා වෙනවා.