Thursday, September 19, 2024

General line - 0115112241

උඩුවේ හිමිට එරෙහි නඩුවට හිමිගේ විරෝධය නොතකා දින නියම වෙයි




පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත‍්‍ර අවට පදිංචිකරුවන්ට පීඩාවක් වන ආකාරයට භාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට පවරා ඇති නඩුවක් තවදුරටත් විභාගයට ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද තීරණය කළා.

ඒ එම නඩුවට එරෙහිව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ගොනු කර  මූලික විරෝධතාවක් ප‍්‍රතික්ෂේප කරමින්. ඒ අනූව අදාල නඩුව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවයි උන්වහන්සේ සිය මූලික විරෝධතාවයෙන් තර්ක කර තිබුණේ. එහෙත් එය පිලිගත නොහැකි බව අධිකරණය කියා සිටියා.