ලන්ඩන් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවද ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිඳු බලපෑමක් සිදු ව නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඔවුන් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතා ආරක්ෂිතව සිටින බවයි.
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට රැඳී සිටින්නේ ලන්ඩන් නුවරයි.
අද අලුයම ලන්ඩන් නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාරය මාලාවක් එල්ලවීමත් සමග ශූරයන්ගේ කුසලානය පිළිබඳවද විදෙස් මාධ්‍යයේ ප්‍රබල මාතෘකාවක් වී තිබෙනවා.