Thursday, September 19, 2024

General line - 0115112241

විපතට පත් වූවන්ට සුවයක් වූ දිරිය නෙත් සෞඛ්‍ය කඳවුර සාර්ථකව අවසන් (PHOTOS) -(UPDATE)




ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට දිරියක් වෙමින් ක‍්‍රියාත්මක දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ පැවැත්වෙන වෛද්‍ය කඳවුර අද සාර්ථකව පැවැත්වුණා. 

ඒ, ගැටහැත්ත මාරඹේ සිද්ධාර්ත මහා විද්‍යාලයේදීයි. පීඩාවට පත්වූ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු හදුනාගෙන ඔවුන්ට ප‍්‍රතිකාර සේවා ලබාදීමට එහි දී හැකිවුණා. 

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සහනාධාර බෙදා දීමේ වැඩසටහනක් ද දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ ක‍්‍රියාත්මක වුණා. 

------------------------------------------

දිරිය නෙත් වෛද්‍ය කඳවුර ඇරඹෙයි (PHOTOS) (04-06-2017 / AM 10.05)

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වෛද්‍ය කඳවුරක් ගැටහැත්ත මාරඹේ සිද්ධාර්ත මහා විද්‍යාලයේදී අද (04) පෙරවරුවේදී ආරම්භ කෙරුණා.

එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත ඉෂාර චන්දිමාල් සඳහන් කළේ අද උදෑසන කාලයේදී ගැටහැත්ත මාරඹේ පුරාණ විහාරස්ථානයේ වෛද්‍ය කඳවුර පැවැත්වීමෙන් අනතුරුව මෙලෙස මාරඹේ සිද්ධාර්ත මහා විද්‍යාල පරිශ්‍රය වෙත වෛද්‍ය කඳවුර රැගෙන ගිය බවයි.

වෛද්‍ය කඳවුර ආරම්භයේදී 200 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටි බවද එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

පළපුරුදු විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් මෙම සත්කාරය සඳහා එක්ව සිටිනවා.











----------------------------

දිරිය නෙත් වෛද්‍ය කඳවුර අද

(2017-06-04 08:19)

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වෛද්‍ය කඳවුරක් ගැටහැත්ත මාරඹේ පුරාණ විහාරස්ථානයේ දී අද (04) පැවැත්වෙනවා.

පෙරවරු 8.30 ට මෙම වෛද්‍ය කඳවුර ආරම්භ කෙරෙනු ඇති.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ගැටහැත්ත අනුර මහා විද්‍යාලයේ විදුහල්පති සරත් අලවතුර සඳහන් කළේ ගංවතුර හේතුවෙන් මේ වන විට කඳවුරුවලට සීමා වී සිටින පිරිස් සහ කඳවුරුවලින් පිටත සිටින පිරිස් සඳහාද මෙම වෛද්‍ය වැඩසටහන තුළින් ප්‍රතිකාර ලබා ගත හැකි බවයි.

මේ අතර ගං වතුරෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා දිරිය නෙත් සමාජ සත්කාර වැඩසටහන තවදුරටත් ක‍්‍රියාත්මකයි.