ලන්ඩන් නුවර ස්ථාන තුනක අද (04) උදෑසන සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 20 ක පමණ පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
විදෙස් පුවත් වාර්තා අනාවණ කළේ ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයින් ව්‍යාජ මරාගෙන මැරෙන බෝම්බ සහිත ජැකට් පැළද ජනතාව බිය ගන්වා ඇති බවයි.
මේ වනවිට නගරයේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කර ඇති බව නෙත් නිවුස් ලන්ඩන් වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළා.
ලන්ඩනයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂක රැකවල් දැඩි කිරීමට ද එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි ජනක අලහප්පෙරුම වැඩිදුරටත් කියා සිටියේ.
ඊයේ රාත්‍රියේ ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ මම ප්‍රහාරය එල්ල වූයේ නම් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට ඉන් අනතුරක් සිදු වන්නට ඉඩ තිබූ බවයි නෙත් නිවුස් ලන්ඩන් වාර්තාකරු සඳහන් කළේ. කෙසේවෙතත් මේ වන තෙක් මෙම ප්‍රහාර මාලාවෙන් කිසිඳු ලාංකිකයෙකුට සිදු වූ අනතුරක් පිළිබඳව තොරතුරු වාර්තා වී නැති බවත් සඳහන් කෙරුණා.