අයහපත් කාලගුණයෙන් විනාශයට පත් නිවාස ඉදිකර දීම සඳහා ඇමරිකාවෙන් රුපියල් මිලියන 350ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ජනාධිපති නිල නිවසේදී එම මුදල් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ පස්වරුවේ භාර දී තිබෙනවා.
එමෙන්ම මෙරට තරුණ තරුණියන්ගේ ශිල්පීය ඥානය වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 12ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කිරීමට අමෙරිකානු රජය කැමැත්ත පල කර තිබෙනවා.
වසර 04ක කාල පරාසයකට අනූව එම පරිත්‍යාගය සිදු කිරීමට නියමිත බවයි අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ.