Thursday, September 19, 2024

General line - 0115112241

විදෙස් රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට




යුරෝපීය රටවල්වලට යොමු කරන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 24ක මුදලක් වංචා කළ සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් අන්තර්ජාලය හා ෆේස්බුක් සමාජ ජාලා මගිනුයි මෙම වාංචාව සිදු කර ඇත්තේ. 

ලද පැමිණිල්ලකට අනූව කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම යුවල අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. 

ඔවුන් වයස අවුරුදු 31 සහ 27 යන වියේ පසුවන්නන්. 

සැකකරුවන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.