Thursday, September 19, 2024

General line - 0115112241

ගං වතුර ආධාර විකුණූ වෙළෙන්දන් දෙදෙනෙකු අත්අඩංගුවට




ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට බෙදා දීම සඳහා තිබූ කිරි පිටි අලෙවි කළ වෙළෙන්දන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඌරුබොක්ක සති පොල් සැකකරුවන් දෙදෙනා කරවල අලෙවි කරන මුවාවෙන් මෙම කිරි පිටි ද අලෙවි කර තිබුණා.

ඒ පිළිබඳ ඌරු බොක්ක පොලිසියට ලද තොරතුරකට අනූවයි වෙළෙදුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

ඔවුන් සතුව තිබී ඇසුරුම් නවයක තිබූ ග‍්‍රෑම් 400යේ කිරි පිටි පැකට් 369ක් පොලිස් භාරයට ගැණුනා. 

එම කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 285ක් වුවත් එය අලෙවි කර ඇත්තේ රුපියල් 200ක මුදලකටයි. 

සැකකරුවන් දෙදෙනා වීරකැටිය ප‍්‍රදේශයේ පදිංචි කරුවන් වනවා.