Thursday, September 19, 2024

General line - 0115112241

පවතින කාලගුණය වෙනස් වෙන සුළුයි - අවධානයෙන් සිටින්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි




පවතින කාලගුණය හේතුවෙන් ජනතාව හිදිසි ආපදා පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත‍්‍රික්ක 07ක් තවදුරටත් නාය යාමේ අවදානමේ පසුවන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. 

මේ අතර දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල ද තරමක සුළං ඇති විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනූව සිදු වූ ආපදාවලින් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 212ක්. 

පුද්ගලයින් 79 දෙනෙකු තවමත් සිටින්නේ අතුරුදන්වයි. 

ආරක්ෂක ස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව විසි හතර දහස් අටසිය විස්සක්. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් එක්ලක්ෂ අසූ හතර දහස් දෙසිය විසි පහකට අයත් පුද්ගලයින් හත් ලක්ෂ දාහත්දහස් හාරසිය අනූ තුන් දෙනෙකු පීඩාවට පත්වූ බවයි.