Thursday, September 19, 2024

General line - 0115112241

‘‘ඉවසුවා ඇති’’ ලන්ඩන් ප්‍රහාරය ලෝක නායකයින් රැසක් හෙළා දකියි




බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පාලමකදී සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අතරට ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් තිදෙනෙකු ද ඇතුළත්. 

තවත් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් 05ක ප‍්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ප‍්‍රහාරයට පැමිණි පිරිස ව්‍යාජ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලවලින් සැරසී සිටි බව ද එහි සඳහන්. 

බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසන්නේ ‘‘ඉවසුවා ඇති’’ යනුවෙන් පැවසීමට දැන් කාලය පැමිණ ඇති බවයි. 

ඊයේ රාත‍්‍රීයේ එල්ල වූ මෙම ප‍්‍රහාරය ලෝක නායකයින් රැසක් හෙළා දැක තිබෙනවා. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසන්නේ අමෙරිකාව මේ මොහොතේ ලන්ඩනය සමග සිටින බවයි. 

ප‍්‍රංශයේ ජනාධිපති ජර්මන් චාර්සලර් මෙන්ම කැනඩා ඔස්ටේ‍්‍රලියා සහ නවසීලන්ත රාජ්‍ය නායකයින් ද මෙම ප‍්‍රහාරය හෙළා දැක තිබෙනවා. 

මෙම ප‍්‍රහාරය එල්ල වූයේ බි‍්‍රතාන්‍යයේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමට දින තුනක් ඉතිරිව තිබියදී වීම ද විශේෂත්වයක්. 
ගතවූ මාස තුනේදී පමණක් බි‍්‍රතාන්‍යට එල්ල වූ තුන්වන ත‍්‍රස්ත ප‍්‍රහාරය ද මෙයයි.