Thursday, September 19, 2024

General line - 0115112241

හෙට දිනයේ විවෘත වෙන හා නොවන පාසල් මෙතනින් දැනගන්න 




ආපදා හේතුවෙන් වසා දමා තිබූ බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාතේ පාසල් බොහෝමයක් හෙට (05) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 

දැනට කඳවුරු පවත්වාගෙන යන සබරගමුව පළාතේ පාසල් 15ක් සහ දකුණු පළාතේ පාසල් 10ක් එදින විවෘත නොකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ. 

ආපදාවලින් හානි සිදුවූ දකුණු පළාතේ පාසල්  29ක් ද හෙට විවෘත නොකෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා. 

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇළපාත, අයගම, නිවිතිගල, කලවාන සහ රත්නපුර කොට්ඨාසයේ පාසල් කිහිපයක් එලෙස විවෘත වන්නේ නැහැ.

ගාල්ල, ඇල්පිටිය, උඩුගම සහ මාතර අධ්‍යාපන කලාපවල පාසල් කිහිපයක් ද හෙට විවෘත වන්නේ නැහැ.