Thursday, September 19, 2024

General line - 0115112241

නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා අද බැඳුම්කර කොමිසමට




ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (05) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. 

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක අධ්‍යක්ෂක වසන්ත අල්විස් මහතා ද අද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු සති දෙකක පමණ කාලයක් ක‍්‍රියාත්මක වූයේ නැහැ. 

ඒ, එහි කොමසාරිස්වරයෙකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන විදේශගතවීම හේතුවෙන්. ඒ අනුව කොමිසමේ කටයුතු අද සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.