Monday, May 20, 2024

General line - 0115112241

කුමාර් සංගක්කාර තවත් සමු ගැනීමකට සැරසෙයි




ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා.

එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් මේ වන විට කුමාර් සංගක්කාර ක්‍රීඩා කරමින් සිටිනවා.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තවත් ක්‍රීඩකයන් තිදෙනකු සමඟ තරග කළ සංගක්කාරට අනෙක් ක්‍රීඩකයන් තිදෙනටම හිමි ඡන්ද සංඛ්‍යාවේ එකතුව මෙන් දෙගුණයක් පමණ ඡන්ද හිමිවී ඇති බවයි පැවසෙන්නේ. 

මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂඥ ක්‍රිකට් විස්තර විචාරයකු වශයෙන්ද කටයුතු කරන සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නිමාවේදී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානමින් සිටින බවයි පවසා ඇත්තේ.